පස්සෙන් පන්නන්නෝ

Monday, June 11, 2012

සාර්ථකත්වය

බ්ලොග් ලොවට මා ආදරෙන් පිලිගත්තු ඔබ සැමටත්, බ්ලොග් එකක් ලියන්න මාව දිරිමත් කරපු  මගේ යාලුවාටත් බොහෝම ස්තූතියි!




අපි හැමෝම කැමති අපේ ජීවිත සාර්ථක කරගන්න.ඒත් කවුරුහරි ඇහුවොත් ඔබේ ජීවිතය සාර්ථකද? කියල ඔයා දෙන පිලිතුර මොකක්ද? නැතිනම් ඔයා සාර්ථකත්වය මනින්න යොදාගන්න සාධක මොනාද? මේ ප්‍රශ්නෙ කීප දෙනෙක්ගෙන් ඇහුවොත් උත්තර කීපයක් ලැබෙවි.
සල්ලි ගොඩක් තියෙනව නම්,
හොඳ රස්සාවක් තියේනම්,
හොඳ බිරියක්/ස්වාමි පුරුශයෙක් ඉන්නවනම්,
ජනප්‍රිය නම්,
ලස්සන නම්, ආදි වශයෙන්... 
අද මම කියන්න යන්නෙ සාර්ථකත්වය මනින්න පුලුවන් විදි කීපයක් ගැන.කියෝලම තීරණය කරන්නකෝ මොන විදියේ සාර්ථකත්වයක්ද ඔයාට ඕනි කියල...



ප්‍රධානම වශයෙන් සාර්ථකත්වය කොටස් හතරකට බෙදන්න පුලුවන්.


1. භෞතිකමය වශයෙන් ( Material Perspective )
මේ කියන්නෙ තමන්ට තියෙන  භෞතික සම්පත් වලින් සාර්ථකත්වය මැන බැලීම ගැන.ඉඩකඩම්, වතු පිටි, යාන වාහන වගේ දේවල් වලින් තීරණය කරගන්න පුලුවන් වෙන්නෙ කෙනෙකුගේ භෞතික සාර්ථකත්වයයි. ඒක හරියට පොඩි ලමයි ගොඩක් අතරින් වැඩිම සෙල්ලම් බඩු ප්‍රමාණයක් තියෙන කෙනා තෝරගත්තා වගේ.



2.  ආත්මීය වශයෙන් ( Ego Perspective )
මේකෙන් කියැවෙන්නෙ බලය, ජනප්‍රිය බව, පාලනය කිරීමේ ශක්‍යතාව, ජයග්‍රහණය ආදි සාධක මත සාර්ථකත්වය තීරණය කිරීම ගැන.උදාහරණයක් විදියට කුඩා ළමුන් පිරිසකගෙන් වැඩියෙන්ම අනුන්ගේ ආදරයට පාත්‍ර වෙන්නා, නැතිනම් යම් තරඟෙකින් ජයග්‍රහණය ලබන්නා සලකන්න පුලුවන්.


3. උපයෝගී වශයෙන් ( Contributive Perspective )
මෙයින් අදහස් වෙන්නෙ යම් පුද්ගලයෙකුගේ චරිත ලක්ෂණ, ගතිගුණ, හැදියාව, අන් අය සමග පවත්වන සබඳතා, ඒවායේ ගුණාත්මක බව සහ විශේෂයෙන්ම ඔහු හෝ ඇයගෙන් සමාජයට සිදුවෙන දායකත්වය වැනි කරුණු සලකා බැලීමෙන් තීරණය කරගන්න දියුණුවයි.මෙය කලින් සඳහන් කල කරුණු දෙකට වඩා ගැඹුරට ගිය සංවර්ධනයක් විදියට සලකන්නත් පුලුවන්.


4. සමස්තීය වශයෙන් ( Universal Perspective )
ඉහත කරුණු තුනම එක්වූවිට එය සමස්තීය සාර්ථකත්වයක් විදියට හඳුන්වලා දෙන්න පුලුවන්. යමෙකුට ලබා ගැනීමට දුෂ්කරම, එහෙත් වටිනාම සාර්ථකත්වය නම් මෙයයි.



අද ලිපිය වෙන්වුනේ සාර්ථකත්වය පිලිබඳ දළ හැඳින්වීමක් කරන්න.සිද්ධාන්ත කරුණු ටිකක් නිසා කියවන්න කම්මැලි වගේ හිතුන නම් සමාවෙන්න.ඉදිරි ලිපි වලදී සාර්ථක මිනිසුන්ගේ ජීවිත කථා ගැන කියවමු.ලියන ශෛලියේ, භාශා හැසිරවීමේ හෝ අන්තර්ගතයේ අඩුපාඩු තියෙනව නම් පෙන්වාදෙන්න...
ඔබ සැමට නියත ජය..!






Tuesday, May 29, 2012

ඇරඹුම....



ජිවිතය තියෙන්නෙ විඳින්න මිසක් විඳවන්න නෙවි කියල කොච්චර නම් අපි අහල ඇත්ද? ඒත් සැබැවින්ම ජීවිතය විඳවන්නැතුව විඳින්න දන්නෙ කීයෙන් කීයද?
ඔයාත් කැමතිද ජීවිතය විඳින්න?
අපේ මනස දුකේදියි සැපේදියි වැඩ කරන හැටි දැනගන්න?
ජීවිතය ජයගත්තු මිනිස්සු ගැන දැනගන්න?
මනස දියුණු කරගන්න?
මතක ශක්තිය වැඩි කරගන්න?
සතුටින් ජීවත් වෙන්න?
එසේනම්, මෙම ලිපි ඔබ වෙනුවෙනුයි....බ්ලොග් අවකාශයේ සියලු දෙනාවම ආදරයෙන් පිලිගන්න මම නේජා...
ඔබ සැමට නියත ජය...!