පස්සෙන් පන්නන්නෝ

Monday, June 11, 2012

සාර්ථකත්වය

බ්ලොග් ලොවට මා ආදරෙන් පිලිගත්තු ඔබ සැමටත්, බ්ලොග් එකක් ලියන්න මාව දිරිමත් කරපු  මගේ යාලුවාටත් බොහෝම ස්තූතියි!




අපි හැමෝම කැමති අපේ ජීවිත සාර්ථක කරගන්න.ඒත් කවුරුහරි ඇහුවොත් ඔබේ ජීවිතය සාර්ථකද? කියල ඔයා දෙන පිලිතුර මොකක්ද? නැතිනම් ඔයා සාර්ථකත්වය මනින්න යොදාගන්න සාධක මොනාද? මේ ප්‍රශ්නෙ කීප දෙනෙක්ගෙන් ඇහුවොත් උත්තර කීපයක් ලැබෙවි.
සල්ලි ගොඩක් තියෙනව නම්,
හොඳ රස්සාවක් තියේනම්,
හොඳ බිරියක්/ස්වාමි පුරුශයෙක් ඉන්නවනම්,
ජනප්‍රිය නම්,
ලස්සන නම්, ආදි වශයෙන්... 
අද මම කියන්න යන්නෙ සාර්ථකත්වය මනින්න පුලුවන් විදි කීපයක් ගැන.කියෝලම තීරණය කරන්නකෝ මොන විදියේ සාර්ථකත්වයක්ද ඔයාට ඕනි කියල...



ප්‍රධානම වශයෙන් සාර්ථකත්වය කොටස් හතරකට බෙදන්න පුලුවන්.


1. භෞතිකමය වශයෙන් ( Material Perspective )
මේ කියන්නෙ තමන්ට තියෙන  භෞතික සම්පත් වලින් සාර්ථකත්වය මැන බැලීම ගැන.ඉඩකඩම්, වතු පිටි, යාන වාහන වගේ දේවල් වලින් තීරණය කරගන්න පුලුවන් වෙන්නෙ කෙනෙකුගේ භෞතික සාර්ථකත්වයයි. ඒක හරියට පොඩි ලමයි ගොඩක් අතරින් වැඩිම සෙල්ලම් බඩු ප්‍රමාණයක් තියෙන කෙනා තෝරගත්තා වගේ.



2.  ආත්මීය වශයෙන් ( Ego Perspective )
මේකෙන් කියැවෙන්නෙ බලය, ජනප්‍රිය බව, පාලනය කිරීමේ ශක්‍යතාව, ජයග්‍රහණය ආදි සාධක මත සාර්ථකත්වය තීරණය කිරීම ගැන.උදාහරණයක් විදියට කුඩා ළමුන් පිරිසකගෙන් වැඩියෙන්ම අනුන්ගේ ආදරයට පාත්‍ර වෙන්නා, නැතිනම් යම් තරඟෙකින් ජයග්‍රහණය ලබන්නා සලකන්න පුලුවන්.


3. උපයෝගී වශයෙන් ( Contributive Perspective )
මෙයින් අදහස් වෙන්නෙ යම් පුද්ගලයෙකුගේ චරිත ලක්ෂණ, ගතිගුණ, හැදියාව, අන් අය සමග පවත්වන සබඳතා, ඒවායේ ගුණාත්මක බව සහ විශේෂයෙන්ම ඔහු හෝ ඇයගෙන් සමාජයට සිදුවෙන දායකත්වය වැනි කරුණු සලකා බැලීමෙන් තීරණය කරගන්න දියුණුවයි.මෙය කලින් සඳහන් කල කරුණු දෙකට වඩා ගැඹුරට ගිය සංවර්ධනයක් විදියට සලකන්නත් පුලුවන්.


4. සමස්තීය වශයෙන් ( Universal Perspective )
ඉහත කරුණු තුනම එක්වූවිට එය සමස්තීය සාර්ථකත්වයක් විදියට හඳුන්වලා දෙන්න පුලුවන්. යමෙකුට ලබා ගැනීමට දුෂ්කරම, එහෙත් වටිනාම සාර්ථකත්වය නම් මෙයයි.



අද ලිපිය වෙන්වුනේ සාර්ථකත්වය පිලිබඳ දළ හැඳින්වීමක් කරන්න.සිද්ධාන්ත කරුණු ටිකක් නිසා කියවන්න කම්මැලි වගේ හිතුන නම් සමාවෙන්න.ඉදිරි ලිපි වලදී සාර්ථක මිනිසුන්ගේ ජීවිත කථා ගැන කියවමු.ලියන ශෛලියේ, භාශා හැසිරවීමේ හෝ අන්තර්ගතයේ අඩුපාඩු තියෙනව නම් පෙන්වාදෙන්න...
ඔබ සැමට නියත ජය..!






11 comments:

  1. මගේ විශ්වාසය නම් සාර්ථකත්වය කියන්නේ "අවසානයට හිතේ ඉතුරුවන සතුට"

    ReplyDelete
    Replies
    1. හරියටම හරි හසිත. සාර්ථකත්වය ලබාගැනීමේ එකම පරමාර්ථය සතුටින් ජීවත් වීම. ඒත් එකිනෙකා අනුව ඒ සතුට වෙනස් වෙනව.අපි මුලින්ම හොයල බලන්න ඕනි අපිට සතුටු වෙන්න පුලුවන් මේ කිව්ව කාරණා වලින් මොන විදියේ සාර්ථකත්වයක් ලබාගත්තොත්ද කියල.
      නේජාගේ පෞද්ගලික මතය නම් උපයෝගි වශයෙන් සාර්ථක වීම තමා කෙනෙකුට ජීවිතේ ලබාගන්න පුලුවන් ලොකුම සතුට කියල.
      ප්‍රතිචාරයට ගොඩාක් ස්තූතියි හසිත...

      Delete
  2. මමනම් වැඩියෙන්ම විස්වාස කරන්නේ තුන්වෙනි කාරණය(Contributive Perspective )
    එත් ලෞකික සාර්ථකත්වයක් ලබාගනිද්දී අනිත් කාරණාත් වැදගත්!:)
    අගේ ඇති කාරණා ටිකක්!
    ලිපියේ තව කොටසක් ඒවි කියල බලාපොරොත්තු වෙනව!

    ReplyDelete
    Replies
    1. නේජා උත්සහ කරන්නෙත් තුන්වෙනි කරුණින් වඩාත් සාර්ථක වෙන්න.බෝම ස්තූති නුවන්...

      Delete
  3. මම මනුස්සයෙක්ගේ සාර්ථකත්වය මනින්නේ තුන්වැනි කාරනෙන්
    හොඳ ලිපියක්..

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූති පුබුදු...

      Delete
  4. මමනම් පෞද්ගලිකව බලාපොරොත්තු වෙන්නේ දෙවන සහ තුන්වන මට්ටම් දෙක තමා ,
    වැදගත් ලිපියක් ....

    ReplyDelete
    Replies
    1. හැබැයි අද කාලේ හැටියට භෞතිකමය සාර්ථකත්වයත් වැදගත්...
      බෝම ස්තූති රොබින්...

      Delete
  5. හතර වැනි කාරණාව හරි වගේ.. අද මම පරක්කූයි වගේ.!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කියනව නම් හැම කරුණින්ම සාර්ථක වෙන්න පුලුවන් නම් තමා හොඳ...ඔයා පරක්කු නෑ යාලුවා...

      Delete
    2. ජීවිතේට යමක් එකතු කරගන්න පුළුවන් මෙවන් බ්ලොග් හරි අඩුයි නේජා.. ඒ නිසා දිගටම ලියන්න.

      Delete